Empty Ad
AFC Banner
Empty Ad

මිහින්තලේ පොසොන් උත්සවයට සල්ලි හොයන්න මහා සංඝරත්නය පිඬු සිඟා වැඩීමේ සූදානමක්

මිහින්තලා ආලෝක පූජාව හා මිහිඳු පෙරහැර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මහා සංඝරත්නය හෙට (24) දිනයේ සිට පිඬුසිඟා වැඩීමට කටයුතු කරන බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩමකර වසර දෙදහස් තුන්සීය තිස් එකක් ගතවන මෙවර රාජ්‍ය පොසොන් පොහොය සැමරීම මෙරට වත්මන් නායකයින් විසින් හිතාමතාම පැහැර හැරීමට කටයුතු කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් මූල්‍ය කළමනාකරණය සිදුකරමින් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීමට කටයුතු කර ඇති බවත්, අනෙකුත් විහාරස්ථාන මෙන් මිහින්තලා විහාරස්ථානයට ද බැතිමතුන්ගේ දායකත්වය ලැබුණ ද එය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැයකරන බැවින් පොසොන් පොහොය සැමරීමට අවශ්‍ය මුදල් විහාරස්ථානය සතුව නොමැති බවත් නායක හිමියන් පවසනවා.

මිහින්තලා පුද බිමෙහි දී අද (23) දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මේ අතර මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශවයෙන් සිදුනොවන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (23) සඳහන් කළා.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳියාව ව්‍යවස්ථාවේද ඇති බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, සම්බුද්ධ ශාසනය සුරකිමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද කටයුතු කරමින් සිටින බවද අවධාරණය කර සිටියා.

ඔහු මෙම අදහස් පළ කලේ, විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
4
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?