මිහින්තලේ පොසොන් උත්සවයට සල්ලි හොයන්න මහා සංඝරත්නය පිඬු සිඟා වැඩීමේ සූදානමක්

මිහින්තලා ආලෝක පූජාව හා මිහිඳු පෙරහැර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මහා සංඝරත්නය හෙට (24) දිනයේ සිට පිඬුසිඟා වැඩීමට කටයුතු කරන බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩමකර වසර දෙදහස් තුන්සීය තිස් එකක් ගතවන මෙවර රාජ්‍ය පොසොන් පොහොය සැමරීම මෙරට වත්මන් නායකයින් විසින් හිතාමතාම පැහැර හැරීමට කටයුතු කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් මූල්‍ය කළමනාකරණය සිදුකරමින් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීමට කටයුතු කර ඇති බවත්, අනෙකුත් විහාරස්ථාන මෙන් මිහින්තලා විහාරස්ථානයට ද බැතිමතුන්ගේ දායකත්වය ලැබුණ ද එය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැයකරන බැවින් පොසොන් පොහොය සැමරීමට අවශ්‍ය මුදල් විහාරස්ථානය සතුව නොමැති බවත් නායක හිමියන් පවසනවා.

මිහින්තලා පුද බිමෙහි දී අද (23) දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මේ අතර මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශවයෙන් සිදුනොවන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (23) සඳහන් කළා.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳියාව ව්‍යවස්ථාවේද ඇති බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, සම්බුද්ධ ශාසනය සුරකිමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද කටයුතු කරමින් සිටින බවද අවධාරණය කර සිටියා.

ඔහු මෙම අදහස් පළ කලේ, විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
4
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46