මිලියන ගාණක කොකේන් තොගයක් කටුනායකින් අල්ලයි

කටුනායක ගුවන් තොටුපොළ පර්‍යන්තයේ ගුවන් බඩු ගම්මානයට කුරියර් සේවය හරහා එවන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් විසින්.

එම කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 139ක් බවයි පැවසෙන්නේ.

කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇත්තේ සූක්ෂ්ම ලෙස විදුලි උපකරණවල බහා යි.

මේ සම්බන්ධයෙන් සැකපිට මාලිගාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 23 හා 24 වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාෂණ නියෝජිතයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට තක්සේරු කර ඇති බවයි වාර්තා වන්නේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් – රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිදු කරනු ලබන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21