spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියගිය බිළිඳාගේ දේහය මල්ලක දමාගෙන පියා බසයෙන් ගමන් කරලා (ඡායාරූප)

මියගිය මාස පහක් වයසැති සිය බිළිඳාගේ මෘත ශරීරය බෑගයක දමාගෙන කිලෝ මීටර් 200ක් පමණ දුරක් බස් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

බිළිඳාගේ මෘත ශරීරය ගිලන් රථයකින් නිවසට රැගෙන යාමට අවශ්‍ය ඉන්දීය රුපියල් 8,000ක මුදලක් ඔහු සන්තකයේ නොතිබීම හේතුවෙන් මෘත ශරීරය මෙලෙස බෑගයක දමාගෙන බස් රථයකින් ඊයේ මෙලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“මගේ මාස පහක් වයස පුතා ඊයේ රාත්‍රියේ සිලිගුරි හි උතුරු බෙංගාල වෛද්‍ය විද්‍යාල රෝහලේ දින හයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මිය ගියා. දරුවාගේ ප්‍රතිකාර වලට මම රුපියල් 16,000ක් වියදම් කළා. මගේ දරුවාගේ දේහය කලියාගන්ජ් වෙත ප්‍රවාහනය කිරීමට රුපියල් 8,000ක් ගිලන් රථ රියදුරෙකු ඉල්ලා සිටියා. එය ගෙවීමට මා සතුව මුදල් තිබුණේ නැහැ.” යනුවෙන් අෂිම් දෙබ්ශර්මා නැමැති මෙම පුද්ගලයා පවසා තිබෙනවා.

බසයෙන් මෘත දේහයක් රැගෙන යනබව දැනගත් පසු තමා එම බසයෙන් බස්සවනු ඇතැයි බියෙන් ඉතා හොර රහසේ එය රැගෙන යාමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
32
+1
2
+1
10
+1
485
+1
36
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?