spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිතුරා සමඟ පැමිණි කාන්තාවක් කඩ කාමරයක්‌ තුළ නොයන ගමන් යයි

දොම්පේ පොලිස්‌ වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක්‌ තුල කාන්තාවක්‌ මියගොස්‌ ඇති බවට දොම්පේ පොලිසියට ලද පණිවිඩයක්‌ මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක්‌ කුලියට ගෙන කිබූ පුද්ගලයෙකු විසින්‌ ඔහුගේ මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට (13) වන දින රාත්‍රී කාලයේ එහි නවාතැන්‌ ගැනීම සඳහා ලබා දී ඇත.

පසු දින පරික්ෂා කිරීමේදී නවාතැන්‌ ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුල සැකකටයුතු ලෙස මියගොස්‌ සිට ඇති අතර අනෙක්‌ පුද්ගලයා සිද්ධියෙන්‌ පසු අතුරුදහන්ව ඇති බවට කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන්‌ සිදු කරන ලද ප්‍රශ්න කිරීම්‌ වලදී අනාවරණය චී
ඇත.

‘මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක්‌ පමණ වන අයෙක්. මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැත.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත. දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?