Fly high Get bonus Aviator Phone

‘මිජවුම්’ ගෙන් ලංකාවට තිබූ බලපෑම ක්‍රමයෙන් පහළට

‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුවේ මෙරටට තිබූ බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මෙම චණ්ඩ සුළි කුණාටුව අද (05) පෙරවරු 8.30 වන විට උතුරු අක්ෂාංශ 15.2° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝ මීටර් 615ක් පමණ උතුරු දෙසින් පැවති බවයි.

මෙම සුළි කුණාටුවේ බලපෑම මත බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (05) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?