මැලේසියාවේ දී ඇල්ලූ 26 දෙනෙකුගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසියට – පද්මේ හා සලින්ද ගැන නිල තොරතුරක් නැහැ (වීඩියෝ)

විවිධ වැරදි සම්බන්ධයෙන් මැලේසියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුහේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත එරටින් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

අද (14) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු මැලේසියාවේ අත්අඩංගුවට ගත් බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් හෝ කිසිඳු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් මේ වනවිට මැලේසියාවට සහ තායිලන්තයට පිටව ගොස් ඇති බවත්, එම රටවල බලධාරීන් සමඟ සාකච්ඡාකර එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා ප්‍රවේශයක් ලබාගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද සමඟ සම්බන්ධ වී සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට තහනමක් නොමැති බවයි ඔහු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?