මැදපෙරදිගින් ඇහෙන තවත් කඳුලු කතාවක් – ”මට නිරුවතින් නාන්න කියනවා”

මෙරට පවතින ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනෙක් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යොමුවීම පසුගිය කාලය තුළ සුලබව දක්නට ලැබුණා.

නමුත් එහි ගිය ඇතමෙකුට දරන්නට සිදු ව ඇති පීඩා අපමණයි.

මේ මැද පෙරදිගින් ඇසෙන එවැනි තවත් කදුලු කතාවක්.

අනුරාධපුර හොරොව්පතාන – මොරකෑව පදිංචි ශාලිකා ලක්මාලි මීට වසර එක හමාරකට පමණ පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව යන්නේ තම නිවසේ පැවති අනේක විධ දුක් කම්කටොලු තවදුරටත් ඉවසා ගැනීමට නොහැකිවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා 2022 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා ඇය සෞදි අරාබිය බලා පිටත්ව යනවා.

රියාද් නගරයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා ඇය ගෘහ සේවය සඳහා රියාද් නගරයේ පිහිටි නිවසකට යොමු කර ඇති අතර එහිදී ඇයට විඳින්නට සිදුව ඇත්තේ කිසිසේත්ම අපේක්ෂා නොකළ තරම් වද බන්ධනයි.

නිවැසියන් ඉදිරියේ නිරුවත්වීමට මෙන්ම නිවැසියන් බලා සිටියදී දියනෑමට පවා සිදු ව ඇතැයි ශාලිකා ලක්මාලි පවසනවා.

ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුරාධපුර කාර්යාලයට මෙන්ම ඇය රැකියාව සඳහා පිටත්ව ගිය කුරුණෑගල පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයට මේ සම්බන්ධයෙන් පැමිණිලි
කර ඇතත් කිසිදු සහනයක් නොලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
184
+1
28
+1
23
+1
478
+1
40
+1
34
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11