මාස හතේ විවාහය සාරි පොටෙන් කෙලවර වෙයි

විවාහවී බිරිඳ අතහැර සිටි තිස් හැවිරිදි තරණයෙකු සමග පෙමින් වෙළුනු 21 වියැති තරුණියක් විවාහවී මාස 07 ක කාලයක් විවාහ දිවිය ගතකර පවුල් ආරවුල් විඳ දරාගැනීමට නොහැකිව සිය නිවසේදීම සාරිපොටෙන් ගෙලවැළලා දිවියෙන්  සමුගැනීමේ පුවතක් මාවතගම පොලිසියෙන් වාර්තාවිය.

යෞවනය හමුවේ මෙසේ ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මාවතගම වික‍්‍රමසිංහපුර පදිංචි රුවණී බුද්ධිමා කෝන්ගොඩ (21) නැමති විවාහක තරුණ කාන්තාවකි.

පසුගිය 05 දින සවස 7.00 ට පමණ තරුණිය පදිංචිව සිටි නිවසේ ඇගේ කාමරයේම ප්ලාස්ටික් පුටු තුනක් උඩට නැග සාරියක් බාල්කයේ ගැටගසා ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්වී ඇත. මේ මොහොතේ ඇගේ සැමියා නිවසින් බැහැර ගොස් සිටි බවට තොරතුරු අනාවරණයවී ඇත.

මියගිය තරුණියගේ මව ජීවිතයෙන් සමුගෙන ඇති අතර ඇගේ අත්තම්මා සහ පියා සමග ඉහත ලිපිනයේ පදිංචි වී සිටි බවත් මැය විවාහකයෙකු සමග පේ‍්‍රම සම්බන්දයක් ඇති කරගෙන පියා සහ ආච්චි අම්මා⁣ගේ විරුද්ධත්වය මත ඔහු සමග විවාහවී ඇති බවත් ඔවුන් නිරන්තරයෙන්ම ආරවුල් ඇතිකරගනිමින් සිටි යුවලක් බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

තමන්ගේ ජීවිතය එපාවී තිබෙන බවට සිය ආච්චි අම්මා සමග නිරන්තරයෙන්ම පැවසූ බව ආච්චි අම්මා පොලිසියට පැවසූ බව පොලිසිය කියයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.සී.පී. චමින්ද මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වීමෙන් අනතුරුව ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කරන ලදී. වෑඋඩවිල්ලි හත්පත්තුවේ හදිසි මරණ පරීක්ෂක ආර්.එච් කරුනාරත්න මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකරන ලදී. මාවතගම පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.යු.එන්. හෙටිටිආරච්චි මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ඞී.ඇම්. නිමල් බණ්ඩාර සහ පො.සැ.49639 ජයකොඩි මහත්වරුන් විසින් පොලිස් පරීක්ෂණ මෙහෙයවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"රියදුරුගේ හදිසි රෝගී තත්ත්වයක් නිසා නොමඟ ගිය බස් රථය
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31
Video thumbnail
ආහාර සොයා වැලිආර ප්‍රදේශයේ සැරිසරණ කුඩා අලි පැටවු රංචුව
00:30
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11