ගංජා කිලෝ දෙකක් ඇඳුම් අස්සේ සඟවගෙන බස් එකට නැග්ග සැකකරු අත්අඩංගුවට

තණමල්විල පොලිසිය වෙත ලද තොරතුරක් අනුව හම්බෙගමුව සිට මිද්දෙනිය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හම්බෙගමුව, තණමල්විල මාර්ගයේ, මහවැව ප්‍රදේශයේ දී ඊයේ (28) හදිසි පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙක් වියළි ගංජා කිලෝ ගෑම් දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් පාර්සල් කර ඔහුගේ සිරුරේ ගැටගසාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු එම මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රාදේශයට රැගෙන යමින් සිටි ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (29) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18