සාම පාගමනේ සමාප්තියෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර හිමිට ජනපති හමුවෙති

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවයෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

“එහිපස්සිකෝ” සාම පාගමන ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව ස්තූතිය පළ කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ එය සැබවින්ම දිරිගන්වන සුළු අත්දැකීමක් වූ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ ලෝකය යා කරන ජීවමාන ධර්ම පාලමක් ලෙස කටයුතු කරන ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් තෑගි කිරීමත්, ඇමරිකාවේ “හං දාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අවසර දීමත් පිළිබඳවද උන්වහන්සේ මෙහිදී සිය කෘතඥතාව පළ කර සිටියා.

එසේම මඟ දෙපසදී “ආලෝකට˜ සහ අනෙකුත් සතුන්ට පෙන්වූ ආදරය, රැකවරණය සහ කරුණාව අගය කරන බවද උන්වහන්සේ සඳහන් කළා.

ත්‍යාගශීලී භාවය, විශ්වාසය සහ ඉහළ සත්කාරකත්වය වෙනුවෙන් මහා සංඝරත්නයටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත්, ආරක්ෂක අංශවලටත්, කැපවීමෙන් කටයුතු කළ පශු වෛද්‍ය කණ්ඩායම, වෛද්‍ය කණ්ඩායම සහ සියළු මාධ්‍යය ආයතන වෙතත් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ස්තූතිය පළ කර සිටියා.

සාම පා ගමන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය තවදුරටත් පවත්වා ගෙන යමින් ලංකාව සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින බවට ඔසවා තැබීම අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ උදෙසා මෙන්ම ලෝක සාමය උදෙසා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේගේ කැපවීමට ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව වෙනුවෙන් කෘතවේදීත්වය පළ කළා.

පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමින්වහන්සේද, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සභාපති සිසිර අමරබන්දු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54
Video thumbnail
චමරි ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි - ආණ්ඩුව යන්නෙත් QR Code එකයි ඔත්තෙයි ඉරට්ටෙයි වගේ
01:33
Video thumbnail
මුළු රටම ටිල්වින්කරණයට ලක්වෙලා - ඒකාධිපති පාලනයක්
05:01
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32