මාසයකට කොවිඩ් ආසාදිතයින් 4000-4500ත් අතර පිරිසක් මියයයි – GMOA අනතුරු අඟවයි

මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි බවත් මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතිනවා යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා.

වාර්තා වන ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක තත්ත්වයක්“ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?