මාසයකට කොවිඩ් ආසාදිතයින් 4000-4500ත් අතර පිරිසක් මියයයි – GMOA අනතුරු අඟවයි

මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි බවත් මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතිනවා යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා.

වාර්තා වන ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක තත්ත්වයක්“ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21