එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගට හිමිව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ලසිත් මාලිංගව එම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බවය.
මෙතෙක් IPL ඉතිහාසයේ කඩුලු වැඩිම ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ලසිත් මාලිංගයි.
ඔහු තරග 122කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.













