අධිබලැති විදුලි රැහැනේ ගැටුණු සද්ධන්තයා අවසන් ගමන් යයි

මානින්ගමුව, මහහල්මිල්ලවැවේ අද (03) පෙරවරුවේ මියගිය වන අලියෙකුගේ සිරුරක්, ප්‍රදේශවාසියෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම වන අලියා ඊයේ (02) රාත්‍රියේ ගම්මානයට පැමිණ ඇති අතර, එහිදී මහහල්මිල්ල වැවේ බැම්මෙන් බැසීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී, ගම්මානයට විදුලිය සැපයෙන අධිබලැති විදුලි රැහැනේ ගැටී, විදුලි සැර වැදීමෙන් මෙම වන අලියා ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැකපළ කරනවා.

ජීවිතක්ෂයට පත්වූ වන අලියා වයස අවුරුදු 25 – 30ත් අතර පසුවන පිරිමි අලියෙකු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කරන බව වනජීවී නිලධාරීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39