නාවලපිටිය – ගම්පොළ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවන් නොවැම්බර්වලින් අවසන්

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නාවලපිටියේ සිට ගම්පොළ දක්වා වූ කොටසේ ස්ථාන 37ක් හානියට පත්වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ ඒකකය මගින් එහි ස්ථාන 30ක අලුත්වැඩියාවන් සිදුකර අවසන් කළත්, විශාල වශයෙන් හානියට පත් වූ ස්ථාන 06ක ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය අගෝස්තු මාසයේ ආරම්භ කර තිබෙනවා.

වරකාපිටිය දුම්රිය උපපොළ අසල විශාල ලෙස හානියට පත් වූ දුම්රිය මාර්ගය, ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති භාර ඉංජිනේරුවරයා පවසන්නේ නොවැම්බර් මස පළමු සතිය තුළ අලුත්වැඩියාවන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම දැඩි ලෙස නායාමට ලක් වූ මෙම ස්ථානයට, ඉහළින් පිහිටි කඳු පන්තියෙහි ඇති අනතුරුදායක ජලය, කඳු පන්තිය අඩි 60ක් පමණ අභ්‍යන්තරයට විද, සුවිශේෂී නල පද්ධතිය යොදා එම ජලය ඉවත් කරන බවත්, ඉදිකිරීමෙන් අනතුරුව නැවත මෙවැනි නායයෑමකට ලක් නොවන ලෙස දුම්රිය මාර්ගය සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ව්‍යාපෘති භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39