Fly high Get bonus Aviator Phone

මාගේ රණශූර නිර්භීත සෙබළුනි – ෆීල්ඩ් මාෂල් තැබූ කවුරුත් කතා වු සටහන

කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කොට අදට (18) වසර 12 ක් සපිරේ.

ඒ නිමිත්තෙන් කොටි ත්‍රස්තවාදය සම්පූර්ණ පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දුන් එවකට සිටි යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතියේ උත්තමාචාරය මෙන්ම මහජන ගෞරවය එදා මෙන්ම අදත් හිමිවේ.

ලොව කුරිරුතම ත්‍රස්තවාදයේ අන්තිම පුරුකත් විනාස කරන තුරු යුද්ධය මෙහෙයවූ හිටපු යුද හමුදාපතිවරයා “මාගේ රණශූර නිර්භීත සෙබලුනි” මැයෙන් වූ මුහුණු පොත සටහනක් මීට ටික මොහොතකට පෙර තබා තිබේ.

ඒ මුහුණු පොත සටහන මෙසේය.

මාගේ රණශූර නිර්භීත සෙබළුනි,

අපි එක්ව දිවි පරදුවට තබා රැකගත්තේ උතුරේ මෙන්ම දකුණේ අපි මෙන්ම සියලුම මනුෂ්‍යයන්ගේ ජීවිතයි..!

එදා බොන වතුර ටිකටත් සතුරු කම් කල කොටි ත්‍රස්ත නායකයාගෙන් මාවිල්ආරු සොරොව්ව මුදවා ගැනීමෙන් පසු 2006 වසරේ දෙසැම්බර් මාසයේදී සියළුම ජ්‍යෙෂ්ඨ යුධ හමුදා නිලධාරීන් හමුදා මුලස්ථානයේ ශ්‍රවණාගාරයට කැඳවා මා කල කතාව තවමත් ඔබගේ මතකයේ ඇති බව මා විශ්වාස කරමි.

“වසර 30 ක් පැවැතුණු මේ යුද්ධය තව දුරටත් කිරීමට තවත් හමුදාපතිවරයෙක්ට තමා ඉඩ නොතබන බවත්, එමෙන්ම මෙම යුද්ධය වසර තුනක් වැනි කාල සීමාවක් තුලදී නිමාකරන බවත් මා එහිදී කියා සිටියා ඔබට මතක ඇති.

එදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්වයේ සිටි මා නැගිට සිටියේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ රට පුරාම බෝධි පූජා තියමින් සහ පන්සල්, පල්ලි, දේවස්ථාන සහ කෝවිල් වල ආශිර්වාද පූජාවන් පවත්වා මා හට ශක්තිය දුන් ජනතාව නිසා බව මා අදටත් ස්තුතිපූර්වකව සිහිපත් කරන්නෙමි.. එම නිසාම විදෙස් ප්‍රතිකාර ලබා නැවත මෙරටට පැමිණි මා හට “තවත් මාස 3 ක් ගතවනතුරු කිසිදු රාජකාරියක් කරන්න එපා” යැයි ලබා දී තිබූ වෛද්‍ය උපදෙස් වලට වඩා ඉහලින් “රට රැකීම මාගේ ජීවිතයේ පරම අධිෂ්ඨානය” වී තිබූ බැවින් ජුනි 30 වෙනිදා නැවත යුධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයට පැමිණ යුද මෙහෙයුම් සඳහා අණදීම ආරම්භ කලෙමි.

එමෙන්ම මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ සිට ආරම්භ කල මානුෂිය සටනට ශක්තියක් වූදෙශපාලන නායකත්වය මෙන්ම කිසිඳු බේදයකින් තොරව අප හමුදාවන් හා සමග එක්වුනු ජනතාවගේ ආශිර්වාදය සහ බලාපොරොත්තුවේ වචනයන් පවා තවමත් මාගේ දෙසවනෙහි රැව් පිළි රැව් දේ.

එදා යුධ හමුදා විනය අංක එකට තබාගෙන, තරාතිරම නොබලා එය එලෙසින්ම ඉහල සිට පහළටම ක්‍රියාත්මක කල නිසාවෙන්ම ලෝකයම හෙල්ලු විනයානුකූල විරෝධාර සහ නිර්භීත හමුදාව බවට මගේ හමුදාව පත් වූ බව මා ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි.

පළමුවන හාදෙවන ලෝක යුද්ධය,බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය අතර යුද්ධය, ඊශ්‍රායලයට එරෙහිව අරාබි රටවල් 7 ක් යුද්ධය කිරීම, රුසියාව හා චෙච්නියාව අතර, ඉන්දියාව හා පකිස්ථානය අතර, උගන්ඩා, කොසෝවෝ, ඇෆ්ගනිස්ථාන, ඉරාන – ඉරාක සහ නවතම ලිබියානු ආදිය ලෝ කැළැඹූ හා ප්‍රචලිත යුද්ධ වූවත්, මෙම කිසිදු යුද්ධයක් අවසන් කිරීමේ නිශ්චිත කාල සීමාවක් කිසිදු යුද නායකයෙකු හෝ රාජ්‍ය නායකයෙකු හෝ පවසා තිබුනේ නැත.

එහෙත් ලොව පළමු වතාවට යුද්ධයක් ආරම්භයේදීම එය අවසන් කිරිමේ නිවැරදි කාලවකවානු දින සහිතව ප්‍රකාශ කළ ලොව එකම හා පළමු හමුදාපතිවරයා වශයෙන් මා හට එය පැවසීමට හැකියාව ලැබුනි..

මා අණ දුන්, මාගේ විධායන් යටතේ ක්‍රියාත්මක වූ මාගේ විනයානුකූල,රණශූර,නිර්භීත සෙබළුන් කල කී දේ ගැන වගකීම මා ගනිමි.. මා අණ දුන්, මාගේ විධායන් යටතේ ක්‍රියාත්මක වූ මාගේ සෙබලුන් කිසි දිනෙක වැරදි දෙයක් සිදු කර නැති බව මා එදා මෙන්ම අදත් මුලු මහත් ලෝකයට ප්‍රකාශ කරමි..ඔවුන් වෙනුවෙන් ලෝකයේ ඕනෑම ස්ථානයක ගොස් පෙනී සිටිමේ ශක්තිය මට ඇත..

අප එක්වී 30 වසරක් පැවති කුරීරු යුද්ධය නිමාවට පත් කර වසර 12ක් ගත වන අද දවසේ අපේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද දිවි අහිමිවූ සහ සාදාකාලික ආබාධිත තත්වයට පත්වූ සියලුම රණවිරුවන් මේ මොහොතේ සිහිපත් කරමි.. ඔවුන්ගේ පවුල් වල සියලුම සාමාජිකයන්ටත් මෙම යුධ ජයග්‍රහණයේ සාඩම්බර හිමිකාරිත්වය නොඅඩුවම ලැබෙන බව වචනයට පමණක් සීමා නොකර, ඔවුන්ව අප, අපේ පණ තිබෙන තුරු රැක බලා ගත යුතුය..

එමෙන්ම වර්තමානයේ ඉතා සීඝ්‍රයෙන් අගාධයට යමින් පවතින අපේ රට, රණවිරුවන් දිවි පුදා රැකගත් අපේ රට, අපි සදාකල් රැකගතයුත්තේ දේශපාලනික, ව්‍යාපාරික න්‍යාය පත්‍රවලට කොටුවී තම තමන්ගේ එහෙයියන් රජ කරවීම පිණිස නොව, රටේ පොදු මහජනතාව රැක ගැනීම පිණිස අවංක අරමුණින් බව අද දිනයේ මා තරයේම සිහිපත් කර දීමට කැමැත්තෙමි..

මා එදා මෙන්ම අදත් සමස්ථ රට, ජාතිය සහ මුලු මහත් සමාජය වෙනුවෙන්ම කැපවී සිටින බව ඔබට සපථ වෙමි..!??? මම ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
229
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10
Video thumbnail
උන්ට කොමිස් ගහන්න අපි විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ - විමල් දුම්මල වරම අතට ගනියි
11:45

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?