මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩි කර ගැනීම ඉතාමත් අසාධාරණයි

කඩා වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩ නැගෙමින් පවතින අවස්ථාවේ මහ බැංකුවේ නිලධාරීන් පමණක් ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් තම වැටුප් වර්ධනය කර ගැනීම සමස්ත ලංකාවාසීන්ටම සිදුකරන බලවත් අසාධාරණයක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහානාහිමියෝ අවධාරණය කරනවා.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය උන්වහන්සේ බැහැ දැකීම සඳහා 22 දින මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නා හිමියෝ මෙසේද පැවසීය.

මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටක් බවට ප්‍රකාශයට පත් කළේ මහ බැංකුවයි. ඉතින් එහෙම තත්ත්වයක් තිබියදී , රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් මිරිකී සිටිද්දී මේ නිලධාරීන් විතරක් පඩි වැඩි කරගෙන සැප සම්පත් විඳීම සාධාරණ නෑ. දුක් විඳිනවා නම් රටේ සියලුම දෙනා එකට දුක් විඳිය යුතුයි. විවිධ තරාතිරම්වල අය විතරක් සැප විඳින එක කිසිසේත්ම පිළිගන්න බෑ. මේ අසාධාරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬක් නැගිය යුතුයි. දැන් දොස්තර මහත්වරුන්ට දීමනා වැඩි කරා කියලා සෞඛ්ය සේවකයෝ පාරට බැහැලා ඉන්නවා. මහ බැංකුවේ අය විතරක් මේ විදියට වැටුප් වැඩි කරගත්තා කියලා අනෙක් රාජ්ය සේවකයොත් ඉල්ලීම් කළොත් මොකද වෙන්නෙ. මේ බව සිතා රටේ පාලකයෝ කටයුතු කළ යුතුයි. රජයේ වගකීම් දරන අයගේ වැටුප් වැඩිවීම අවශ්ය දෙයක්. නමුත් ආර්ථිකය කඩා වැටුණු රටක මේ ආකාරයේ අසාධාරණ සිදුවීම් නොවිය යුතුයි. මැතිවරණ ගැන කතාබහ උනාට මැතිවරණයක් පැවැත්වෙනකම් ඒ ගැන විශ්වාසයක් තියන්න බෑ. ඉස්සරනම් මහනුවර කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්රබල කඳවුරක්. නමුත් දැන් ඒ තත්ත්වය පෙනෙන්නට නෑ. යනුවෙන්ද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අස්ගිරි මහා නාහිමි අතිපූජ්ය වර්කාගොඩ ශ්‍රි ඥානරතන නාමිපාණන් වහන්සේද බැහැ දුටු අතර මෙහිදී උන්වහන්සේද සඳහන් කළේ කුමන මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වේද යන්න පිළිබඳ සැකයක් පවතින බවය.

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ,

24 දින මහනුවරදී පැවැත්වෙන සජබ කාන්තා සමුළුව පිළිබඳ නාහිමීවරු දැනුවත් කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි බවයි. පිම්බුණු පපඩමක් හා සමාන ජාතික ජනබල වේගයේ ජනරැල්ල පපඩම කුඩු වෙනවා සේ ඉතා කෙටි කාලයකින් නැතිවී නැතිවී යාම අනිවාර්යයි. අද බොහෝ අය රට පුරා ජන හමු පැවැත්වූවත් මේ රට ගොඩ ගැනීමේ සැලසුමක් කාටවත් තියෙනවද. සජිත් ප්රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගයට පමණයි රට ගොඩ ගැනීම පිළිබඳ නිසි සැලැස්මක් තියෙන්නේ. මේ අවස්ථාවේ මහ බැංකුවේ නිලධාරීන් වැටුප් වැඩි කර ගැනීම පිළිබඳ මේ රටේ ජනතාව අප්රසාදය පළ කරනවා. මේ ආකාරයෙන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අනෙකුත් රාජ්ය සේවකයෝ පාරට බැස්සොත් මොකද කරන්නේ ? මේ වෙලාවේ මේ රටේ ජනතාවට විශ්වාසය තියන්න පුළුවන් සමගි ජන බලවේගය ගැන විතරයි. මේ රට විනාශ කළ අයට ආයෙමත් බලය දෙනවද කියලා ජනතාව තීරණයක් ගත යුතුයි. හිරුනිකා සමගි වනිතා බලවේගයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ උප ලේකම් චමින්ද්රානි කිරිඇල්ල මහත්මිය ඇතුළු පිරිස ඇතුළු පිරිස ශ්‍රි දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත්හීද නිරත විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21