මහ පාර මැද නිදාගෙන සිටි පුද්ගයෙක් බසයක ගැටී ජීවිතක්ෂයට

නයිවල – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ නයිවල වත්ත ප්‍රදේශයේ දී මාර්ගය මැද අනාරක්ෂිත ලෙස නිදා සිටි පුද්ගලයෙකුගේ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (04) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 48ක වේයන්ගොඩ, නයිවල වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුරින් පසු කුපිත වූ පුද්ගලයින් බස් රථයේ රියදුරුට පහර දී ඇති අතර, බස් රථයට ද අලාභ හානි සිදුකර තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ බස් රථ රියදුරා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රොහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !