spot_imgspot_img

මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිම්බාබ්වේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

සිම්බාබ්වේ රාජ්‍යයේ දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට නියමිතයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිම්බාබ්වේ හිදී කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර 13 වැනිදා පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගයට පෙර මහේල ජයවර්ධන කණ්ඩායම සමග එක්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සිටින්නේ අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ B කාණ්ඩයේ යි.

A කාණ්ඩයේ කණ්ඩායම් අතර නේපාලය, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ රාජ්‍ය වනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය 19 සඳුදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

සුදුසුකම් ලැබීමේ සංචිතයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට තිබුණ ද මෙම සංචිතයට මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?