මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇපයක් අධිකරණයට

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් එදිනට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දැක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?