මහින්දගේ නිල නිවසේ වතුර කපයි – බිල ම විතරක් ලක්ෂ 03ක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසෙහි (විජේරාම පිහිටි) පසුපස පර්යන්තයේ ඉදිකර ඇති ආරක්ෂකයින් රැඳී සිටින නිවස්නයෙහි ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් කළ විමසීමක දී ඔහු එම කාරණාව සනාථ කළා.

ඊට හේතු වශයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ; රජයෙන් ජනාධිපතිවරයෙකුට ලබා දී ඇති ආරක්ෂකයින්ගේ පහසුකම් සැලසීම ද රජය මගින් මෙතෙක් කල් සිදු කරගෙන ගිය බවත්; ඒ අනුව එම ආරක්ෂක නිවස්නයේ ජල බිල්පත ගෙවීමේ වගකීම ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට නොවන බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලයට බවයි.

මේ වනවිට බිල්පතෙහි ගාස්තුව රුපියල් ලක්ෂ 03ක් පමණ වන බව ද හෙතෙම පැවසුවා.

පසුගිය කාලය පුරා ම වත්මන් රජය විසින් හිටපු ජනාධිපතිවරයා ව නුගේගොඩ – විජේරාම පිහිටි නිල නිවසෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් මෙය ද එහි කොටසක් බව ද මාධ්‍ය ප්‍රකාශක ගමගේ මහතා කියා සිටියා.

රුපියල් ලක්ෂ 03ක පමණ බිල්පත මාස කිහිපයකට පමණ ඒවා බවත්, එවකට ආරක්ෂකයින් රජයෙන් සැපයූ පරිදි 160 දෙනෙකු සේවය කළ බවත් එවැනි මුදලක් පැමිණීම සාධාරණ බවයි.

මේ වනවිට වත්මන් රජයෙන් එම ආරක්ෂකයින් ගණන 60ක් දක්වා අඩු කර තිබෙනවා.

කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42