මහින්දගේ නිල නිවසේ වතුර කපයි – බිල ම විතරක් ලක්ෂ 03ක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසෙහි (විජේරාම පිහිටි) පසුපස පර්යන්තයේ ඉදිකර ඇති ආරක්ෂකයින් රැඳී සිටින නිවස්නයෙහි ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් කළ විමසීමක දී ඔහු එම කාරණාව සනාථ කළා.

ඊට හේතු වශයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ; රජයෙන් ජනාධිපතිවරයෙකුට ලබා දී ඇති ආරක්ෂකයින්ගේ පහසුකම් සැලසීම ද රජය මගින් මෙතෙක් කල් සිදු කරගෙන ගිය බවත්; ඒ අනුව එම ආරක්ෂක නිවස්නයේ ජල බිල්පත ගෙවීමේ වගකීම ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට නොවන බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලයට බවයි.

මේ වනවිට බිල්පතෙහි ගාස්තුව රුපියල් ලක්ෂ 03ක් පමණ වන බව ද හෙතෙම පැවසුවා.

පසුගිය කාලය පුරා ම වත්මන් රජය විසින් හිටපු ජනාධිපතිවරයා ව නුගේගොඩ – විජේරාම පිහිටි නිල නිවසෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් මෙය ද එහි කොටසක් බව ද මාධ්‍ය ප්‍රකාශක ගමගේ මහතා කියා සිටියා.

රුපියල් ලක්ෂ 03ක පමණ බිල්පත මාස කිහිපයකට පමණ ඒවා බවත්, එවකට ආරක්ෂකයින් රජයෙන් සැපයූ පරිදි 160 දෙනෙකු සේවය කළ බවත් එවැනි මුදලක් පැමිණීම සාධාරණ බවයි.

මේ වනවිට වත්මන් රජයෙන් එම ආරක්ෂකයින් ගණන 60ක් දක්වා අඩු කර තිබෙනවා.

කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?