මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට සැලසුම්

උපන් බිමේ උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ, සංකල්පයකට අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක “උරුමය” ඉඩම් ඔප්පු ලක්ෂ 20 ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව, මහවැලි බලප්‍රදේශ 10ක් ආවරණය කරමින්, මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලංකා මහවැලි අධිකාරියේ ඊයේ (22) දින පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දුන්නේ සිය උපන් භූමියේ හිමිකම ලබා දීම තුලින් මහවැලි ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීමට එය මහඟු පිටිවහලක් වන බවයි.

මේ වන විට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සියළු කලාපවල ජනපදිකයින් වෙනුවෙන් බැහැර කර ඇති ඉඩම් කොටස් ගණන 315,529 ක්.

එයින් 2024 ජනවාරි 30 දිනට ලබා දී ඇති ප්‍රදාන පත්‍ර ගණන 219,372ක් වන අතර ලබා දී ඇති අවසර පත්‍ර ගණන 48,881 වෙයි.

ඒ අනුව, මේවන විට “දීමනා පත්‍ර” ලබාදී ඇති ජනපදිකයින්ගෙන් නිරවුල්ව භුක්ති විඳින ඉඩම් කොටස් දෙලක්ෂ හත් දහසක් වෙනුවෙන් එහි ඊළඟ පියවර වන “නිදහස් දීමනා පත්‍ර” හෙවත් සින්නක්කර ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මහවැලි ඉඩම් අධ්‍යක්ෂ ඩී.එම්.පී.බී දිසානායක පැවැසුවේ ප්‍රදාන පත්‍ර සහ අවසර පත්‍ර ලබා දී ඇති සෙසු ගොවි පවුල් සඳහා නියමිත නිර්ණායකවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ සින්නක්කර ඔප්පු ප්‍රදානය කර අවසන් කිරීමට පියවර ගෙන ඇතිබවයි.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ, කෘෂිකාර්මික හා පදිංචියට ලබා දී ඇති ඉඩම්, විදිමත් පරිදි සංවර්ධනය කර, නිරවුල් ව භුක්ති විඳින ගොවි පවුල්වලට අයත් ඉඩම් සඳහා මෙම සින්නක්කර ඔප්පු ලබාදීම සිදුකෙරෙන බව ද හෙතෙම සඳහන් කළා.

මේ වන විට මහවැලි කලාප 10 තුළ සින්නක්කර ඔප්පු හය දහසක් සූදානම් කර තිබෙන අතර එය නුදුරු දිනෙකදී මහවැලි ගොවි ජනතාවට ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

සින්නක්කර ඔප්පු ලබාදීම තුලින් මහවැලි ජනපදිකයින් සතු ඉඩම්වලට නව වටිනාකමක් හිමිවන අතර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා එම ඉඩම් කෘෂිකාර්මාන්තය අශ්‍රිත හෝ වෙනත් වානිජ කටයුතු සඳහා යොදා ගැනීමට ද අවස්ථාව හිමිවනවා.

උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යටතේ සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ප්‍රදානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අභිලාෂය වී තිබෙනවා.

එම වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් පසුගියදා දඹුල්ලේ දී ගොවි ජනතාව වෙත ප්‍රදානය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32