මහර බන්ධන්ගාරයේ සිද්ධිය හුදෙකලා සිදුවීමක් නොවෙයි – නාමල් රාජපක්ෂ (වීඩියෝ)

මහර බන්ධන්ගාරයේ ඇති වූ නොසන්සුකාරී තත්ත්වය දුර්වල කළමනාකරණය, නොසැලකිල්ල සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක ප්‍රතිඵලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සති කිහිපයක් තුළ ඇතුළත බන්ධනාගාරයේ ඇති වූ දෙවන ප්‍රධාන කැළඹීම මෙය බවත්, එය තවදුරටත් හුදෙකලා සිදුවීමක් නොවන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මේ වනවිටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ස්ථිරවම පත් කරන ලද කොමසාරිස් ජෙනරාල්වරයෙකු නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙම තීරණාත්මක තනතුර තවමත් නිසි ලෙස පුරවා නොමැත්තේ ඇයි ද යන්න ප්‍රශ්න කරනවා.

අතිරේක ආරක්ෂක නිලධාරීන් යෙදවීම කෙටි කාලීනව නොසන්සුන්තාව පාලනය කිරීමට උපකාරී වුවද, ගැටලුවේ මූල හේතු ආමන්ත්‍රණය නොකරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවදුරටත් පවසනවා.

මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අසාර්ථකත්වයට විසඳුම් සෙවීම සඳහා දිගුකාලීන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ
01:19
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න
01:39
Video thumbnail
මහර බන්ධනාගාරය ඇතුලත සිදුවූ විනාශයක තරම දැක්වෙන පළමු වීඩියෝව මෙන්න..
01:56
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න - ඔබ නොදුටු දසුන් සියල්ල එළියට
02:58
Video thumbnail
STF නිලධාරින්ගේ මෙහෙයුමෙන් කොටුවූ වියළි ගංජා නිෂ්පාදනාගාරය..කෝටි 2ට ආසන්න ගංජා තොගයක් කොටු
02:07