මහබැංකුවේ මුදල් ලක්ෂ 50ක් අතුරුදහන්වීමේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ඩලය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ උපදෙස් මත එකී විමර්ශන කටයුතු කොටුව පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ ආර් දයානන්ද විසින් පසුගිය 11 වැනි දින කොටුව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මහ බැංකු ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූ ගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බණ්ඩලය අස්ථානගත ඇති බවට එම පැමිණිල්ලෙන් පැවසිණි.

ඉකුත් 11 වැනි දින මුදල් තැන්පත් කර තිබූ රුපියල් 5000 නෝට්ටු 1000 බැගින් අඩංගු බන්ඩල 8000 ක් පමණ තිබී ඇති අතර බිලියන 25 ක පමණ මුදල් ප්‍රමාණයක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී වාර්තා වන්නේ.

පැමිණිල්ල ලද වහාම පරීක්ෂණ ආරම්භ කළ කොටුව පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් නිකුතු සුරක්ෂිතාගාරයේ සියළුම තරාතිරම්වල නිලධාරීන් 23 කුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

ඊට අමතරව අධි තාක්ෂණික සිසිටිවි කැමරා ද පරීක්ෂාවට ලක් කෙරැණු බව වාර්තාවෙනවා.

මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අභ්‍යන්තර පරීක්ෂණයක් මෙන්ම මුදල් ගණනය කිරීමක් ද සිදු කළ අතර ලක්ෂ 50 ක් අඩංගු වූ මුදල් බණ්ඩලය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ඔවුන් වෙත ද ලැබී නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32