මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මෙවරද 2026.08.18 දින සිට 2026.08.28 දින දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ, අති උත්කර්‌ෂවත් අන්දමින් වීදි සංචාරය කිරීමට නියමිතයි.

2026.08.18 දින සිට 2026.08.22 දින දක්වා කුඹල් පෙරහර වීථි සංචාරය කරන අතර, 2026.08.23 දින සිට 2026.08.27 දින දක්වා රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරෙනවා.

2026.08.28 දින දිවා පෙරහර පැවැත්වීමෙන් පසු ඇසළ මහ පෙරහර කටයුතු අවසන් වීමට නියමිතයි.

පෙරහර පවත්වන කාල සීමාව ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟ පෙන්වීම හා රථවාහන ගාල් කිරීම් මෙම ආරක්ෂක වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පෙරහරේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධරයන් 6200 ක් සමඟ පොලිස් විශේෂ කාර්‌ය බලකා නිලධරයන් 564 ක්ද, ත්‍රිවිධ හමුදා නිලධරයන් 1200 ක්ද, සිවිල් ආරක්ෂක නිලධරයන් 29 ක්ද යොදා ගැනීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මෙම ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිස් නිල සුනඛ සහාය ද ලබා ගැනීමට නියමිතයි.

දළඳා පෙරහර පැවැත්වෙන කාලය තුල මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14 ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරි ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමට අපේක්ෂා කෙරේ. රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13 ක් (සැහැල්ලු වාහන රථ ගාල් 06 සහ බරවාහන රථ ගාල් 07) මහජනතාවගේ පහසුව සඳහා වෙන් කර තිබෙනවා.

පෙරහර කාලසීමාව තුලදී මහනුවර නගරය මඟහැර රථවාහන ගමන් කිරීම සඳහා රියැදුරන් හට පහත විකල්ප මාර්‌ග භාවිතා කිරීමට දැනුවත් කරනු ලබනවා.

විකල්ප මාර්ග ,

  • කටුගස්තොට සිට පේරාදෙණිය හරහා කොළඔ, නුවරඑළිය දෙසට ගමන් කල යුතු රථවාහන කටුගස්තොට පාලම අසලින් ගොහාගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කල හැකිය.
  • කොළඹ සිට මහනුවර හරහා කුරුණෑගල මාතලේ මහියංගනය දෙසට ගමන් කරන රථවාහන, පේරාදෙණිය ගොහාගොඩ මාර්ගයෙන් පැමිණ කුරුණෑගල දෙසටද, මාතලේ දෙසටද, මඩවල හරහා මහියංගනය දෙසටද, ගමන් කල හැකිය.
  • මහනුවර සිට මහියංගනය බදුල්ල දෙසට ගමන් කරන රථවාහන, මහයියාව බිංගෙය අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේකුඹුර හරහා බදුල්ල, මහියංගනය දෙසටද ගමන් කල හැකිය.

රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13 ක් පහත ස්ථානවල ක්‍රියාත්මක වනවා.

සැහැල්ලු වාහන රථ ගාල් සඳහා,

  • KMC රථගාල
  • කරලිය රථගාල
  • ඇහැලේපොල කුමාරිහාමි මාවත රථගාල
  • සහස් උයන රථගාල
  • දුම්රියපොල අසල රථගාල
  • ගන්නෝරුව මාර්ගයේ එක් පසක රථගාල

බරවාහන රථ ගාල් සඳහා,

  • ටොරිංටන් බස්නැවතුම්පොල
  • බෝගම්බර බස් නැවතුම්පොල
  • අළුත්ගම ධම්මානන්ද මාවත රථගාල
  • ඔරලෝසු කණුව බස්නැවතුම්පොල
  • දුම්රියපොල හන්දිය සිට ළමාගාරය පාර රථගාල
  • බෝගම්බර බන්ධනාගාරය ඇතුළත රථගාල
  • YMBA අසල රජපිහිල්ල බස් රථගාල

“මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන ඔබ, ජාතික සංස්කෘතියට ගරු කරමින්, ආරක්ෂාව සහ පාරිසරික පවිත්‍රතාව ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට වග බලා ගත යුතු බවත්, එසේම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා රාජකාරි නිරත පොලිස් නිලධරයන්ට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14