spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මසුන් ඇල්ලීම සඳහා දැදුරුඔයට ගිය අයෙකු දැළක පැටලී මියයයි

මසුන් මැරීම සදහා දැදුරුඔයට ගිය අයෙකු දැළක පැටලීමෙන් මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ පල්ලම – තුක්කිණියාගම පදිංචිව සිටි සේනානායක මුදියන්සේලාගේ ජයරත්න(අවු:67) නම් අයෙකු බවට හදුනා ගෙන ඇත.

දැදුරුඔයේ නාදුනන මල සිරුරක් පා වෙන බවට වූ තොරතුරක් 12 වෙනිදා සවස 7.40 ට පමණ පල්ලම පොලීසියට ලැබී ඇත.ඒ අනුව එම ස්ථානයට ගොස් සිදු කරන ලද විමර්ශණයින් පසුව මිය ගොස් ඇති අයව අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වී ඇත.

මිය ගොස් ඇති අය මසුන් මැරීම සදහා 12 වෙනිදා සවස දැදුරුඔයට බැස ඇති අයෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.මසුන් මැරීම සදහා දැදුරුඔයට තමන් විසින්ම දමා තිබූ දැලේ ඔහු පැටලී ඇති බවද පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?