මල්ලීගේ උදලු පහරින් අයියා ජීවිතක්ෂයට

සහෝදරයන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලක දී උදැල්ලකින් සිදුකළ පහරදීමකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.

බාල සහෝදරයා විසින් සිදුකළ මෙම පහරදීමෙන් වැඩිමල් සහෝදරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනාම එකම නිවසේ පදිංචිව සිට ඇති අතර, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලිදුල පොලිස් වසමට අයත් ලිදුල කූමුඩ් වතුයායේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්.

අපරාධය සිදුකළ සැකකරු ලිදුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?