මර්වින් සිල්වා ඇමති කාලයේ අති විශාල වත්කම් ප්‍රමාණයක් උපයලා – තරුණ නිළියකටත් ලක්ෂ ගණන් දීලා

හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වුණා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු මස 20දා විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළ සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.

ඔහු පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10ක පමණක් රුපියල් ලක්ෂ 1,823 කට වැඩි මුදලක් තැන්පත් කර ඇති බවත්, මෙහි අන්තර්ගත එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 06ක වටිනාකමකින් යුක්ත වන අතර, රුපියල් ලක්ෂ 366ක්, ලක්ෂ 365ක් සහ ලක්ෂ 225ක් ඉක්ම වූ තවත් විශාල තැන්පතු 03ක් ද එහි තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඔහු එම බැංකුවේ රුපියල් ලක්ෂ 33 ඉක්ම වූ තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 05ක් පවත්වාගෙන ගොස් ඇති බව ද අධිකරණයේදී අනාවරණය වුණා.

ඔහු සිය බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා සහ පුත් මාලක මනෝජිත් සිල්වා සමඟ එක්ව බද්ධ ගිණුම් රැසක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පෑන් ඒෂියා බැංකුවේ බිරිඳ සමඟ පැවති බද්ධ ගිණුමක රුපියල් 2,140,199.36ක ශේෂයක් ද, පුතා සමඟ සම්පත් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමක රුපියල් 2,687,852.25ක ශේෂයක් ද 2010 වසර වන විට පැවති බවයි අනවරණය වී ඇත්තේ.

මීට අමතරව, මාලක සිල්වාගේ නමින් පමණක් වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ රුපියල් මිලියන 15 සහ 35 බැගින් වූ ගිණුම් දෙකක් තිබී ඇති අතර, දියණිය සන්දීපනී මලිකා සිල්වා සහ බෑනනුවන් වන එම්.සී. අගුළුගමුව නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතු ද එම ආයතනයේම පවත්වාගෙන ගොස් තිබෙනවා.

මර්වින් සිල්වාගේ නමින් ද එම ආයතනයේ රුපියල් මිලියන 14ක තැන්පතු තිබී ඇති බවයි හෙළිව ඇත්තේ.

බැංකු 03ක පවත්වාගෙන ගිය ජංගම ගිණුම්වල 2012 වසර වන විට රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් ඉතිරිව තිබී ඇති අතර, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 32.5ක සහ DFCC වර්ධන බැංකුවේ රුපියල් මිලියන 6.8ක තැන්පතු ද ඔහු සතු බවයි හෙළිව ඇත්තේ.

විත්තිකරු මිල දී ගෙන ඇති නිශ්චල දේපළ රැසක් සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් මෙම නඩුවේදී අනාවරණය වුණා.

හිටපු ඇමැතිවරයා කොළඹ ඉහළම වටිනාකමක් ඇති ප්‍රදේශවලින් දේපළ මිල දී ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව, කොළඹ 07, කුරුඳුවත්තේ අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක් ද, රාජගිරිය, නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් ද ඔහු විසින් මිල දී ගෙන තිබෙනවා.

මීට අමතරව කඩවත, දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක් වටිනා ඉඩමක් ද මිල දී ගෙන අථිඋ බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම නඩුවේදී අනාවරණය වූ තවත් කාරණයක් වන්නේ ඔහු විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් 1994 වසරේ සිට රුපියල් 1,600ක වැනි ඉතා සුළු බදු කුලියකට පවරා ගෙන ඇති බවයි.

විත්තිකරු ඇමතිවරයාව සිටි වසර දෙකක කාලය තුළ වාහන 07ක් මිල දී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වුණා.

මෙම වාහන ඉතා අසාමාන්‍ය අයුරින් කෙටි කාලයක් තුළ මිල දී ගෙන තිබීම විශේෂ සිදුවීමක්.

ඔහු 2010 වසරේ අප්‍රේල් 10දා Porsche වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර ඉන් මාස 03කට පසු ජූලි මාසයේදී සිය පුත් මාලක සිල්වා හට රුපියල් මිලියන 28.8ක් වටිනා Range Rover Sport Petrol V8 රථයක් මිල දී ගෙන දී තිබෙනවා.

ඉන් මාස තුනකට පසු තමාගේ භාවිතය සඳහා රුපියල් මිලියන 32.3ක් වටිනා Mercedes Benz රථයක් මිල දී ගෙන ඇති බවද අනවටනය වී තිබෙනවා.

මෙම රථවලට අමතරව රුපියල් ලක්ෂ 20ක් වටිනාකමට Land Rover රථයක්, රුපියල් මිලියන 9ක Hyundai ජීප් රථයක් සහ රුපියල් ලක්ෂ 58ක් වටිනා ලොරි රථ දෙකක් ද වසර දෙකක් තුළදී මිල දී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහුගේ දෛනික වියදම් රටාව ද ඉතා ඉහළ මට්ටමක පැවති බව නඩුවට ඉදිරිපත් කර ඇති සාක්ෂි මඟින් පැහැදිලි වන තවත් කරුණක්.

විත්තිකරු සම්පත් සහ සෙලාන් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් භාවිත කරමින් වසර දෙකක් තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා මිල දී ගෙන තිබෙනවා.

එසේම මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක දැවැන්ත ණය මුදලක් ද ගෙවා දමා තිබෙනවා.

මෙයට අමතරව ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙනුවෙන් රුපියල් 240,000ක මුදලක් ලබා දී ඇති බවයි අධිචෝදනා පත්‍රයට අනුව කරුණු අනාවරණය ඇත්තේ.

විත්තිකරු තමන් වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොතිබුණ ද, සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් රක්ෂණ ඔප්පු 06ක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වාරික ලෙස ගෙවා ඇති අතර, ඉන් රක්ෂණ ඔප්පු 4ක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ පුත් මාලක සිල්වා වෙනුවෙන්.

වසර දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් මිලියන 485ක් වැනි අති විශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි නඩු වාරවලදී වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම පිණිස මෙම නඩුව පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11