තර්ජන එල්ලවූ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නිවෙස්වලට පොලිස් ආරක්ෂාව

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දුරකතනයෙන් එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ එකම දුරකතන අංකයකින් මෙම තර්ජන එල්ලවී ඇතැයි අනාවරණ වී ඇති බවයි.

එය ගාල්ල ප්‍රදේශයේ ලිපිනයක් සහිත දුරකතනයක් බවට වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ එම ලිපිනයේ සිටි පුද්ගලයා විදෙස්ගත වී ඇති බවටයි.

එමෙන්ම ඔහුට ඒ සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවට ද තහවුරු වී තිබෙනවා.

මීට අමතරව පරීක්ෂණ සිදු කරනු ලබන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට ලැබෙන තර්ජනාත්මක ඇමතුම් විදෙස් රටක සිට ලැබෙන බවයි.

ඒ අනුව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මෙන්ම දුරකතන සමාගම් සම්බන්ධ කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේවෙතත් දුරකතන ඇමතුම් ලබාදුන් පුද්ගලයෙකු හෝ දුරකතනය භාවිත කරන අයෙක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව හෙළි වී නැහැ.

මෙම තර්ජන හේතුවේන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාගේ නිවෙස්වලට ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි ද නිහාල් තල්දූව මහතා කියාසිටියා.

පරීක්ෂණවලදී වට්ස්ඇප් හරහා සිදුවන තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම ජාත්‍යන්තරව සිදු කළ යුතු කටයුත්තක් බැවින් එය යම් තරමක ප්‍රමාදයක් සිදුවන කටයුත්තක් බව ද නිහාල් තල්දූව මහතා පැහැදිළි කළා.

මෙම තර්ජනය කිරීම් සිදුකර ඇත්තේ එකම දුරකතනයකින් බවට අනාවරණ වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?