මම ඉල්ලා අස්වෙන්න සුදානම් -දයාසිරි

තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“මම ප්‍රකාශයක් කළා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් මම ඉල්ලා අස්වීමට සුදානම්, ඒක භාර අරන් කවුරුහරි වැඩ කරනවා නම් වැඩකරන්න කියලා. ඒකට මගේ එකඟතාවය තියෙනවා. කවුරුත් ඉල්ලන නිසා නෙමෙයි. අපේ පක්ෂය තීන්දු කරනවා නම්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා නම්, පක්ෂ නායකතුමා කියනවා නම් කරුණාකරලා අයින් වෙන්න කියලා‍ මම අයින්වෙලා ඒක දෙන්න සුදානම්. කිසි ගැටලුවක් නෑ. මේ වගේ හැමදාම ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඒකට තාම පිළිතුරක් ලැබුණේ නෑ. ලැබුණොත් හෙට උදේ අයින් වෙන්න කියලා. මම අයින්වෙලා නිකන් ඉන්නවා.“

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, ඉතිහාසයේ සිදුවීම් අමතක කිරීම කුහකකමක් බවය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් අද මේ ආණ්ඩුවත් නෑ. ජනාධිපතිතුමත් නෑ අත්ත වශයෙන්ම. අපි ගිහින් තීන්දුවක් ගත්තා. අපේ සංවිධායකවරු සියලුදෙනා කථා කරද්දි අපි තමා ගිහින් ඒ වෙනස කරේ. අපිට ඒ නිසා වගකීමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුදෙනා වැඩකරන්න නෙමෙයි හිටියේ. ඔවුන් වෙනම මතයක හිටියේ. ඒ මතේ අපි වෙනස් කළා. ඒ මේ ජයග්‍රහණය අවතක්සේරු කිරීම ගැන දිලුම් අමුණුගම මහතාට මම කියන්න කැමතියි නැවත හැරිලා බලලා සොයලා බලන්න ඉතිහාසයේ සිදුවු දේ ගැන.“

මේ අතර, දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කිරිමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40