Empty Ad
AFC Banner
Empty Ad

මනූෂගේ අපේක්ෂිත ඇපපත ඉල්ලා අස්කර ගනියි

කෘෂිකාර්මික හා ධීවර සේවය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සිදු වූ සේවක වැඩසටහනක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

ඒ එම ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම කැඳ වූ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඊයේ (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 05කට අධික කාලයක් ප්‍රකාශ ලබාදුන් බව පැවසුවා.

එම ප්‍රකාශවලින් අනාවරණය වූ කරුණු මත ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබෙන බැවින් සිය සේවාදයකයා හට මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

එබැවින් පේ‍ත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ ටයිකෝට් ඇන්ද අයට - කෝචෝක් කරයි
05:42
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:26:50
Video thumbnail
අපිලගේ සාදු රිලා රැලකට කොටුවෙයි - මුං ගණන් කරන්නේ කොහොමද ? නාමල් කියාපිය
02:02
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15

?