spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් බැහැදකී

නිදහස් ජනතා සංධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් බැහැ දුටුවා.

මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී මහනායක හිමියන් නව ත්‍රස්ත පනත පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ එයින් ජනතාවට තියෙන නිදහස අහිමි වන බව හා එහි භයානක තත්ත්වයක් ඇති බවත්ය.

එමෙන්ම තමන් වහන්සේ පසුගිය කාලයේ දේශපාලනඥයන් හමුවීම ප්‍රතික්ෂේප කළේ දේශපාලඥයන් විසින් පොරොන්දු ඉටු නොකරන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් ජනතාවට අවශ්‍ය සහන ලබාදී පැමිණෙන ලෙසත් තමන් වහන්සේ ප්‍රකාශ කළ බවයි.

මෙහිදී මන්ත්‍රීතුමන් ද ත්‍රස්ත පනතේ ඇති ආදීනව පිළිබඳව මහනායක හිමියන් දැනුවත් කර තිබෙනවා.

ඉන්පසුව අස්ගිරි මහා විහාරයට මන්ත්‍රීතුමන් ගමන් කර මහානායක හිමියන් බැහැදැක තිබුනත් එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර නොලැබුනු බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?