අත්අඩංගුවට ගත් මන්ත්‍රීට ඇප

පොලිස් අත්අංඩගුවට ගත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) සවස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී නියෝග කර ඇත්තේ ඔහු ඇප මත නිදහස් කිරීමටයි.

ඊට අමතරව මන්ත්‍රීවරයාට පනවා තිබූ තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙසටයි කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කොළඹ පිහිටි නිවසේදී අද උදෑසන අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සවස කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

මන්ත්‍රීවරයා පැය දෙකකට ආසන්න කාලයක් කිලිනොච්චිය පොලිසියේ තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු කිලිනොච්චිය පොලිසිය වෙත රැගෙන යාමෙන් අනතුරුව මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් කළුපටිවලින් මුඛය වසාගෙන කිලිනොච්චිය පොලිසිය ඉදිරිපස නිහඬ විරෝධතාවයක ද නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිසිය පැවසූවේ පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

අදාළ සිද්ධිය පිළිබඳ පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ දැනුම්දීමක් මත මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන තහනම් කරමින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද ඊයේ (06) නිකුත් කරනු ලැබුවා.

මේ අතර යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික මහජන පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කොටසේ කාන්තා සංවිධායිකාව හා තවත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ අද (07) විභාගයට ගත් අවස්ථාවේදී යි මෙම නියෝගය ලබාදුන්නේ.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දෙවනදා ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබුණා.

එම සිද්ධියට අදාළවයි මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04