22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට GMOA එකත් විරුද්ධ වෙන ලකුණු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) තීරණය කර තිබෙනවා.

එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙය ඒකමතිකව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඉදිරියේ දී රජයේ නීතිඥ සංගමය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.