යුරෝපා සංගමයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා අයිස්ලන්තයේ පැවති ජනමත විචාරණ ඡන්ද විමසීමෙන් එම යෝජනවා ප්‍රතික්ෂේප වී ඇති බව එරට රාජ්‍ය විකාශන නාලිකාව වන RUV විසින් වාර්තා කර තිබෙනවා.
මේ වන විට එම ඡන්ද විමසීමෙන් ගණන් කිරීමට ඉතිරිව ඇත්තේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයක් පමණක් බවත්, මෙතෙක් ගනනය් වූ ඡන්ද ප්‍රතිඵල මත ව “එපා” (No) යන ස්ථාවරයේ සිටි පාර්ශ්වය 52.5%ක ඡන්ද ප්‍රතිශතයක් සහ “ඔව්” (Yes) යන ස්ථාවරයේ සිටි පාර්ශ්වය 47.5%ක පවතින බවයි වාර්තා වන්නේ.
අයිස්ලන්තයේ ඡන්ද දිස්ත්‍රික්ක හයෙන් එකක තවදුරටත් ගණන් කිරීමට ඉතිරිව ඇත්තේ ඡන්ද කිහිපයක් පමණක් වන අතර, ඒ අනුව, දැනට ලැබී තිබෙන දත්ත මත එම යෝජනවා ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.













