මත් ජාවාරම්කාර බෑනාගේ රත්තරන් එක්ක ගනුදෙනු කළ නැන්දම්මා අත්අඩංගුවට

2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුල දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එමගින් උපයා ගන්නා ලද මුදලින් දෙමහල් නිවසක්, කඩකාමර 05 කින් යුත් නිවසක්, මෝටර් රථයක් සහ රන් පවුම් 360 කට ආසන්න රන් ආභරණ ප්‍රමාණයක් උපයා ගෙන ඉන් රන් භාණ්ඩ උකස් කර පසුව විකුණා ඇති බවට ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහත නිවාස 02 හා මෝටර් රථය සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණයේ නඩු පවරා ක්‍රියාවිරහිතකිරීමේ නියෝග ලබාගෙන එම නියෝග තහවුරු කර දීර්ඝ කිරීම් සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී අදාළ සැකකරුගේ බිරිඳගේ මව විසින් මූල්‍ය ආයතන කිහිපයක රන් භාණ්ඩ උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට එම රන් භාණ්ඩ විකිණීම් සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව අදාළ සැකකරු විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගන්නා ලද රන් භාණ්ඩ බව දනිමින්ම උකස් කිරීම හා විකිණීම සිදුකරමින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව ගැනෙන වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීමට අදාළව සැකකරුගේ බිරිඳගේ මව ඊයේ (15) සවස් කාලයේ මන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 66ක මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46