මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට අනාවරණය වූ පුද්ගලයෙකුගේ දේපළ ක්‍රියාවිරහිත කිරීම කටයුතු කර තිබෙනවා.
මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ පදවි, පරාක්රමපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් රුපියල් ලක්ෂ 475 කට අධික වටිනාකමින් යුත් දේපළයි.
එහිදී අදාළ පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් පහත දේපළ උපයාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඔහුගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති නව නගරය පදවිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 275 ක පමණ වටිනාකමකින් යුත් පර්චස් 15 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති එහි දෙමහල් ගොඩනැගිල්ල
විජයපුර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 120 පමණ වටිනාකමකින් යුත් පර්චස් 15 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති නිවස
රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා වෑන් රථය
රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා ඩීමෝ බට්ටා ලොරි රථය
ඒ, අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම හේතුවෙන් වයස අවුරුදු 47 ක් වන සැකකරු හා වයස අවුරුදු 45ක් වන අදාළ සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 475 ක් පමණ වටිනාකමින් මෙඅ දේපළ 2026.09.22 දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













