Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය මර්දනය රජයේ ප්‍රමුඛ සහ හදිසි වගකීමක් – අගමැතිනිය

නීතිමය රාමුවට පමණක් සීමා නොවී ළමා හා තරුණ සිත් තුළ මනෝභාවමය සහ ආකල්පමය වශයෙන් යහපත් වෙනසක් ඇති කිරීම මඟින් මත්ද්‍රව්‍ය උවදුර ජයගත යුතු ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ඒ කෙරෙහි විශේෂ වශයෙන් උත්සාහ දැරීමේ ජාතික වගකීමක් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

2024 – සමස්ත ලංකා චිත්‍ර හා සජීවිකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (29) කොළඹ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව රජයේ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් ලෙස සලකන බවයි.

දේශීය ආර්ථික හා සමාජ අර්බුද ඇති කරමින් රටේ අනාගතය අඳුරු කිරීම කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව අඛණ්ඩ ව පවත්වාගෙන යා යුතු බවත් ඇය මෙහි දී අවධාරණය කර සිටියා.

ඒ සඳහා නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් කරනු ලබන සේවය ඇගයීමට ලක් කළ ඇය, මත්ද්‍රව්‍ය කෙරෙහි ඇති ආකර්ෂණය පිටු දැකීමේ හා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක කාලීන අවශ්‍යතාව ද පෙන්වා දුන්නා.

දරුවන්ට මත්ද්‍රව්‍ය අවදානම ගැන දැනුම් දීමෙන් එහා ගොස් ඒ ඔස්සේ ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා ඉස්මතු කරගැනීමට අවකාශ සැලසීම මඟින් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ඔවුන්ට ආධාර කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළා.

මෙම තරගාවලිය සඳහා චිත්‍ර හා වී‍ඩියෝපට ඉදිරිපත් කළ නිර්මාණශීලී දරුවන් ඇගයීමට ලක් කළ ඇය, එම නිර්මාණ කෙරෙන් මත්ද්‍රව්‍ය උවදුර නිසා සමාජය හා දරුවන් ඇතුළු ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග හා ඊට විසඳුම් සෙවීම සඳහා ඔවුන් තුළ ඇති හැකියාව ද විදහා දැක්වෙන බවත් පැවසුවා.

මෙම වැඩසටහන නව දිශානතියක් පෙන්වන ගමනක ආරම්භයක් බවත් සියලු පාර්ශ්වයන් එක් ව ක්‍රියා කිරීමෙන් මත් උවදුර ජයගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහ රනිල් අතර අනියම් වෙලීම දැන් කසාදයක් බවට පත්වෙලා
03:13
Video thumbnail
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව - සජීවීව 2024 / 12 / 10
52:11
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:41:12
Video thumbnail
අනුර කුමාර බලයට ඇවිත කරපු අලුත් වැඩ 10ක් කියන්න
05:56
Video thumbnail
කාටවත් කියන්න බෑ ගොඨාභය හොරෙකන් කලා කියලා
01:06
Video thumbnail
මට දේශපාලනයෙන් ගන්න දෙයක් නෑ
02:46
Video thumbnail
මීට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා - මිනිස්සු දඬුවම් කිරීමේ අර්තයෙන් මාලිමාව බාවිතා කලා
04:10
Video thumbnail
ගෝඨාභයට උදව් කරන්න ගිහින් මම අසාර්ථක වුණා
03:52
Video thumbnail
🛑Breaking News |යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් - දෙදිනක් තුළ තරුණයෙකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට‍
01:45
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55

?