දරුවන්ට සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ගැන අධිකරණයෙන් නියෝගයක්

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට අමෙරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (10) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැක්වූ කරුණු සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

එම කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ අමෙරිකාවේ පිහිටි මෙම “නෙක්මැක්” නමැති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී ඇති බවත් එසේ සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල්වල දරුවන්ට අදාළ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදු කරන බවයි.

එම සොයාබැලීම් කටයුතු සිදු කරන අතරතුර ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කුමන හෝ පරිගණක උපාංගයක් හරහා මුදාහැර තිබෙන බවට එම ආයතනයේ “නෙක්මැක්” මෘදුකාංගයක් මගින් සොයාගෙන ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව ද එම කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

මෙම සිද්ධියට හා සමාන පැමිණිලි රැසක් මේ වනවිට තම අංශය වෙත ලැබී ඇති බවත් තවදුරටත් එවැනි පැමිණිලි ලැබෙමින් පවතින බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එසේ පැමිණිලි රැසක් ලැබෙමින් පවතින නමුත් මෙම සිද්ධියට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මේ වෙන තෙක් සොයාගෙන නොමැති බව ද එම කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප ජංගම දුරකථන තුළ බාගත කරගෙන ඇති මෙරට කිසියම් පිරිසක් එම අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එසේ නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30