අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට අවසර

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2024‑08‑12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

එහෙත්, එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිරීක්ෂණ ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පතට අදාළව මූලික කෙටුම්පත සකස් කිරීම සඳහා එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ යොමු කර ඇති අතර, එම කමිටුව විසින් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් ඇතුළත් කරමින් දැනට පිළියෙල කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සංශෝධනය කිරීම නිර්දේශ කරනු ලැබ තිබෙනවා.

එකී නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46