ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 22ක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්දියානු රජය මඟින් ලබාදෙන ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ලබාගැනීම වෙනුවෙන් වන ගිවිසුමට අත්සන් තබා ඒවා පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩිදියුණු කළ එන්ජින් 20ක් සහ එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02ක් ප්‍රදානයක් ලෙස මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

එම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05ක කාලයකට ලබාදීම සඳහා වන නොකැඳවූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ප්‍රදානයක් වශයෙන් ලබා දෙන අදාළ දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය මඟින් එම කාර්ය ඉටුකරවා ගැනීම යෝග්‍ය බවත් 2024-06-11 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුව මඟින් නිර්දේශ කර ඇති බව සඳහන්.

එම ව්‍යාපෘති කමිටුව නිර්දේශ මතයි අදාළ දුම්රිය එන්ජින් මෙරටට ලබාගැනීම සඳහා අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16