මන්ත්‍රී අර්චුනා ආයෙත් යාපනය රෝහලට ආවොත් අල්ලලා පොලිසියට භාරදෙන බවට දැනුම්දීමක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යළිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී රාජකාරි කටයුතු සඳහා බාධා සිදු කළහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තංගමුතු මහතා අවධාරණය කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ අර්චුනා මන්ත්‍රීවරයා යළිත් වරක් පැමිණෙන්නේ ද ආරක්ෂක නිලධාරීන් ලවා ඔහු ව දොරකඩ අසල රඳවා පොලිසියට භාරදීමට කටයුතු කරන බවයි.

පෙරේදා (08) දිනයේ දී මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට පැමිණ එහි සිටි වෛද්‍ය මණ්ඩලයට සහ හෙද – අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයට අපහාසාත්මක අයුරින් හැසිරී තිබෙනවා.

ඔහු රෝහලට පැමිණ බැණ වැදුණු බවයි වාර්තා වන්නේ.

තමන්ට ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසට ඔහු යාපනය රෝහල් කාර්‍යය මණ්ඩලයට පවසමින් බැණ වැදී තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී සිට මේ දක්වා මන්ත්‍රී අර්චුනා වැඩි වශයෙන් ආන්දෝලනාත්මක සිද්ධි මවන චරිතයක් වී අවසන්.

පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරයෙකු වන අර්චුනා පළමු දිනයේ දී ම සම්ප්‍රදායානුකූලව විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති අසුනෙහි අසුන්ගනිමින්; පාර්ලිමේන්තු කාර්‍යය මණ්ඩලයට ද බැණ වැදුණු ආකාරය දැක්වෙන වීඩියෝ පට ඔහු විසින් සමාජ මාධ්‍යයේ මුදාහැර තිබුණා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ දී තමන්ට විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පහරදුන් බවට ද ඔහු විසින් කතානායකවරයාට පැමිණිලි කර තිබුණා.

මෙවන් පසුබිමක් මතයි මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව යාපනය ශික්ෂණ රෝහලේ පරිපාලනය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අවවාදාත්මක දැනුම්දීමක් සිදු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56