spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල ටෙස්ට් තරගයේදීම ‘හාර්ට්ලි’ ඉන්දියාව පරදා එංගලන්තයට ජය කැන්දයි

සත්කාරක ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගය ඉන්දියාව පරාජය කරමින් එංගලනතය ජයගත්තේ ලකුණු 28කින්.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී එංගලන්තයට ජයග්‍රහණය හිමිකරදීමට මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටොම් හාර්ට්ලිට හැකියාව ලැබුණා.

ඒ, ඉන්දීය දෙවන ඉනිමේ දී තීරණාත්මක පිතිකරුවන් 07 දෙනෙක් දවාගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ එංගලන්තය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 246ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 436ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ඉන්දීය පළමු ඉනිම ඉදිරියේ පරාජය වූ එංගලන්තය සිය දෙවන ඉනිම ආරම්භ කළේ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 190ක් පසුපසින් සිටිමින්.

ඒ, අනුව තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 420ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ඉන්දීය දෙවන ඉනිම ආරම්භ වූ අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවට හිමි වූ ඉලක්කය ලකුණු 230ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ලකුණු 202ක සීමා කරන්නට නවක ක්‍රීඩක ටොම් හාර්ට්ලි ප්‍රමුඛ එංගලන්ත පන්දු බලඇණියට හැකියාව ලැබුණා.

ඉන්දීය දෙවන ඉනිම ආරම්භයේ සිටම සුණු විසුනු කළ මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි කඩුලු 07ක් බිඳ දැමුවා.

මෙහිදී ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම හාර්ට්ලිවිසින් දවාගත් අතර ඔහු ඉන්දීය දෙවන ඉනිමේ කඩුලු හතක් සහ පළමු ඉනිමේ කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව පළමු තරගය ජයගත් එංගලන්තය තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හදීසියේ කැබිනට්ටුව රැස්කරයි - අද රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවයිද? #ranilwickremesinghe
01:07
Video thumbnail
ඉදිරියේදී නව පොලිස්පතිවරයෙක්...? "අද රනිල්ට Clean Man කියන්න බෑ"
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-24
00:00
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Supreme තුළින් බලාපොරොත්තු වන්න…
00:43
Video thumbnail
පොලිස්පතිගේ අතුරු තහනම් නියෝගයත් ඡන්ද ගුණ්ඩුවක්ද? #deshabandutennakoon #election2024
02:20
Video thumbnail
Club වසන්තගේ ඝාතනයට සම්බන්ද ඊයේ කොටුවුණු සැකකරුවන් රැගෙන එයි...#clubwasantha #wasantha
01:59
Video thumbnail
රැට්ටා දැන් කියන කතා... #ratta #රැට්ටා #madukapathirana #aragalaya #namal_rajapaksha
00:39
Video thumbnail
දේශබන්දුට වැලේ වැල් නැතිවෙයි - දාපු සෙල්ලම් - කරපු සෙල්ලම් වලට ලැබෙන්න යන දඬුවම මෙන්න...
05:08
Video thumbnail
අද ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මේ දැන් අරලියගහ මැදුරේ සිදුවන දේ... #ranilwickremesinghe
03:28
Video thumbnail
මොළයක් නෙමෙයි මොළ පුරවපු නැවක්
11:18

?