Indian Premier League

මංගල උත්සව ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්වය සමඟ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“රටේ පවතින තත්ත්වය සමඟ ඉතා සුළු පිරිසක් යොදවලා පෝරුවේ චාරිත්‍ර පමණක්, පල්ලියේ චාරිත්‍ර පමණක් සිදුකර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසට. ඒ වගේම පැමිණෙන සියලුදෙනා වැක්සින් දෙකම ලබාගෙන තිබිය යුතුයි. එවැනි නීතිරීති යොදලා අපි සංගමයක් ලෙස යෝජනා කරනවා මත්පැන්වලින් තොර මංගල උත්සවයකට අවස්ථාව ලබාදෙන්න කියලා. විශේෂයෙන්ම පවුලේ පිරිස විතරක් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරන්න අවස්ථාව ලබාදෙන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
258
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?