මංගල උත්සව ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්වය සමඟ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“රටේ පවතින තත්ත්වය සමඟ ඉතා සුළු පිරිසක් යොදවලා පෝරුවේ චාරිත්‍ර පමණක්, පල්ලියේ චාරිත්‍ර පමණක් සිදුකර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසට. ඒ වගේම පැමිණෙන සියලුදෙනා වැක්සින් දෙකම ලබාගෙන තිබිය යුතුයි. එවැනි නීතිරීති යොදලා අපි සංගමයක් ලෙස යෝජනා කරනවා මත්පැන්වලින් තොර මංගල උත්සවයකට අවස්ථාව ලබාදෙන්න කියලා. විශේෂයෙන්ම පවුලේ පිරිස විතරක් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරන්න අවස්ථාව ලබාදෙන්න.”

  1. I can’t agree with it. Because only the family members means about 20,which means the cost per plate goes up. There are people who we have accepted the advance and now we can’t increase the price for them. Make it maximum 100 or 150.