හදිසි විදුලිය බිඳවැටීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක් – හේතුව තවමත් හොයාගෙන නෑ

අද උදෑසන සිට සමස්ත විදුලි පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ බිඳ වැටී ඇති විදුලිය මේ වනවිට කොටස් වශයෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ඉතා ඉක්මනින් කොටස් වශයෙන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට වහළමත සවිකළ සූර්ය පැනල විසන්ධි කර සහයෝගය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් මෙලෙස දිවයිනටම හදිසියේ විදුලිය බිඳ වැටීමට වූ ප්‍රධාන හේතුව තවමත් සොයාගැනීමට නොහැකි බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.