බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 30කගේ පන්ති තහනම්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන් 30 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසනවා.

විශ්ව විද්‍යාලය යළි විවෘත කිරීම පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේබව සඳහන් කළා.

උන්වහන්සේ එහිදී කියාසිටියේ සිසුන්ට එල්ලවී ඇති නවකවද චෝදනා සහ විනය විරෝධී සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණවලට අනුව මෙම තහනම පැනවූ බවයි.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහිදී මහනාහිමියන්ට කරුණු පැහැදිළි කර තිබෙනවා.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ද එක්ව සිටියා.

නවකවදය සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පසුගිය 19 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56