බොරැල්ල වෙස්ටන් රෝහලට වකුගඩු සැත්කම් කරන්න අවසර

බොරැල්ල වෙස්ටන් රෝහලට වකුගඩු සැත්කම් සිදුකිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

බොරැල්ල වෙස්ටර්න් රෝහල සහ එහි සභාපති මහාචාර්ය රිස්වි ෂෙරිෆ් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ලබාදෙමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

එසේම දැනට පවතින වකුගඩු සැත්කම් බාධාවකින් තොරව සිදු කිරීමට අදාළ රෝහල් වෙත අවසර දෙන ලෙසත් වග උත්තරකරුවන්ට අධිකරණය කළ නියෝගය සඳහන්.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ තම රෝහලේ වකුගඩු සැත්කම් සිදු කිරීමේදී අක්‍රමිකතා සිදුවන බවට මාධ්‍ය විසින් පළකරනු ලැබූ වාර්තාවලින් අනතුරුව කිසිදු විමර්ශනයක් නොපවත්වා එම සැත්කම් සිදු කිරීමට ලබාදී තිබු අනුමැතියත් අත් හිටුවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කළ බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගනු ලැබූ එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඊට පාදක වූ කරුණු පදනම් විරහිත බවත් පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ තර්ක කර තිබුණා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරමින් අදාළ නියෝග නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24