වසරේ හොඳම නිවාස ඉදිකිරීම් සමාගම ලෙස ‘කැදැල්ල’ බැංකොක් හිදී සම්මාන ලබයි

තායිලන්තයේ බැංකොක් නුවර පැවති Iconic Awards 2026 සම්මාන උළෙලේදී වසරේ හොඳම නිවාස ඉදිකිරීම් සමාගම සහ ශ්‍රී ලංකාවේ හොඳම නිවාස ඉදිකිරීම් සමාගම ලෙස කැදැල්ල Enterprises පුද්ගලික සමාගම සම්මානීය වී තිබෙනවා.
ඒ එම සමාගම ඉහළ ජනතා විශ්වාසය දිනාගත් ඉදිකිරීම් ආයතනයක් බවට නැවත නැවතත් තහවුරු කරමින්.

නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙරට කීර්තිමත් නාමයක් බවට පත්ව ඇති කැදැල්ල Enterprises පුද්ගලික සමාගම, සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති, පවුලට ගැළපෙන නිවාස, පරිසර හිතකාමී ගොඩනැගිලි සහ සේවාදායක අවශ්‍යතාවන්ට අනුව නිර්මාණය කරන නවීන වාස්තු විද්‍යාත්මක සංකල්ප සඳහා විශේෂඥතා සමාගමක්.

ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකරගෙන ඇති එම සමාගම, ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය භාවිතය, සාධාරණ මිල ගණන්, පරිසර සංරක්ෂණය, කල් පැවැත්ම සහ කුසලතා සහිත වෘත්තීයවේදීන්ගේ දායකත්වය මත සිය සේවාවන් පවත්වාගෙන යන අතර, ඒ හේතුවෙන්ම ගෞරවණීය පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

සෑම විටම සේවාදායකයන්ගේ අයවැයට ගැළපෙන ගුණාත්මක නිවාස ඉදිකිරීම සිය දැක්ම කරගත් කැදැල්ල Enterprises පුද්ගලික සමාගම හරහා දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ප්‍රමිතිගත සහ වගකීමක් සහිත සේවාවන් ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම, Iconic Awards 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසවන්ත ඉදිකිරීම් සමාගම ලෙස සම්මානයට පාත්‍ර වූ කැදැල්ල Enterprises පුද්ගලික සමාගම, Peoples Excellency Awards 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම මෙන්ම UKQA T Awards 2026 සම්මාන උළෙලේදීද ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ප්‍රමිතිගත ඉදිකිරීම් සමාගමට හිමි ගෞරවය දිනාගැනීමට ඔවුන් සමත් වුණා.

ඒ අතරතුර, පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර පැවති Iconic Awards 2026 සම්මාන උළෙලේදී වසරේ හොඳම නිවාස ඉදිකිරීම් සමාගමට මෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම නිවාස ඉදිකිරීම් සමාගමට හිමි සම්මාන ද හිමිකර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.

කැදැල්ල Enterprises පුද්ගලික සමාගමේ සභාපති ක්‍රිෂාන්ත මුතුකුඩ මහතා 2025 වසරේ , Peoples Excellency Awards සම්මාන උළෙලේ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයාට හිමි සම්මානය දිනාගනිමින් සිය නායකත්ව හැකියාවන් තවදුරටත් තහවුරු කළ අයෙකු විමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46