ලෝක වෙළඳපොළ තුල බොරතෙල් මිල සැලකිය යුතු ලෙසට පහළ ගොස් තිබෙනවා.
මේ වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 67.90ක් ලෙසටයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ලෝක වෙළඳ පොලේ ඇමරිකානු ඩොලර් 74.5ක් දක්වා පහත බැස තිබෙනවා.
මෙලෙස ලෝක වෙළඳ පොල තුළ බොරතෙල් මිල පහළ ගොස් ඇත්තේ වසර 1 හමාරකට පසුව වීම විශේෂත්වයක්.
බොරතෙල් මිල මේ වන විට අඛණ්ඩව තුන්වන දිනටත් පහත වැටීම සිදුවී ඇති අතර වර්ධන පුරෝකථනයන් අඩුවීම සහ සැපයුම ඉහළ යාම මෙම තත්වයට හේතුව ලෙසටයි සැලකෙන්නේ.














Loka Bora Thel Mila Pahalata Mehe Boru Thel Mila ihalata. Eka bahinnema nahe, Viagra gahala wageyi